තරුණයෙකුට පහර දී ඔහුගේ බිරිඳ ව පැහැරගෙන ගිහිං – පොලිසියට පැමිණිල්ලක් (වීඩියෝ)

තෙලිප්පෙලෛ පොලිස් බල ප්‍රදේශයේ ඉලවාලෛ හන්දියේ දී තරුණියක් පැහැරගෙන ගොස්, ඇයගේ ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (21) සිදු ව ඇති අතර පහරකෑමට ලක් වූ තරුණයා වයස අවුරුදු 22ක් වන පූනගරි – ගෞතාරිමුනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තරුණයා මේ වනවිට (මැයි 22) තෙලිප්පලෛ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පැහැරගැනීමට ලක් වූ 22 හැවිරිදි තරුණිය මීට මාස දෙකකට පමණ පෙර පහරකෑමට ලක් වූ තරුණයා සමග විවාහ වී ඇති බවත්, ඊට තරුණියගේ පාර්ශ්වයෙන් කිසිදු අවසරයක් ලැබී නොමැති බවයි.

හොර රහසේ විවාහ වී ඇති මොවුන් දෙදෙනා පසුව ඔවුනොවුන්ගේ නිවෙස්වලින් වෙන් ව ජීවත් ව තිබෙනවා.

ඉන්පසුව තරුණියගේ පාර්ශ්වය විසින් ඉලවාලෛ පොලිසියට නිවැසියන්ගේ කැමැත්තකින් තොරව විවාහ වූ බවට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ පිළිබඳ ව කළ විමර්ශනවල දී පොලිසිය දැනුම්දී ඇත්තේ දෙදෙනාට ම වයස අවුරුදු 18ට වැඩි බැවින් එය නීත්‍යනුකූල විවාහයක් බවයි.

ඉන් සෑහීමට පත් නොවූ තරුණියගේ පාර්ශ්වයෙන් මල්ලාගම් අධිකරණයේ ද සිවිල් නඩුවක් තරුණයාට එරෙහිව ගොනු කර තිබුණා.

නමුත් අධිකරණය ද තීන්දු කර තිබුණේ දෙදෙනාගේ ම වයස අවුරුදු 18 ඉක්මවා ඇති බැවින් ඔවුන්ට විවාහ වීමේ අයිතියක් දෙදෙනාගේ ම කැමැත්තෙන් ඇති බවයි.

ඉන් අනතුරුව ඊයේ දිනයේ දී තරුණියගේ සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ තරුණියගේ ස්වාමිපුරුෂයා වන තරුණයාට පහර දී තරුණියව පැහැරගෙන ගොස් ඇති බවට තෙලිප්පලෛ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැහැරගැනීමට ලක් ව ඇති තරුණිය යාපනය – පන්ඩත්තරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

පහරකෑමට ලක් වූ තරුණයා තෙල්ලිපලෙයි රෝහලේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39