තරුණයෙකුගේ ආශාවන් සංසිඳුවන්න 13 හැවිරිදි පාසල් සිසුවියව,තෑගී දුන්නු මීගමුව සුපිරි හෝටලේ හිමිකරුගේ පැටිකිරිය

මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූ..ණය කිරීමට ආධාර අනුබල දුන් හෝටල් කළමණාකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිය විසින් සිදු කරන ලද ප්‍රකාශ අනුවයි 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම දැරිය මුහුණු පොත හරහා තරුණයෙකු හඳුනාගෙන ඇති අතර ඇය නිතරම ජංගම දුරකතනයේ රැදි සිටිම නිසා පසුගිය 9 වනදින රාත්‍රි ඇයගේ පියා විසින් තරවටු කර පහරදී තිබෙනවා.

පසුව මේ බව ඇය තරුණයාට දන්වා ඇති අතර තරුණයා පවසා ඇත්තේ නිවසින් පිටව එන ලෙසටයි.

ඒ අනුව දැරිය පසුදින අලුයම නිවසින් පිටව ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි ඇතැයි සඳහන්.

පසුව ඔවුන් දෙදෙනා බස් රථයක නැගි මිගමුව ලැගුම් හලකට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් ඇය දූෂණය කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඇය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලට රැගෙන විත් එහි අතරමං කර පළාගොස් ඇති අතර පසුව ඇය එහි සිටි හමුදා නිලධාරින්ගේ ආධාරයෙන් ගාල්ල බස් රථයක නැගී නිවසට පැමිණ තිබෙනවා.

දැරියගේ මව විසින් දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරිය විසින් කරන ලද ප්‍රකාශ අනුව බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සඳහා කාමර පහසුකම් ලබාදි ආධාර අනුබල දිමේ චෝදනාව යටතේ සැකකාර හෝටල් කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03