තරුණයෙක් සමග හෝටලයට පැමිණි 16 හැවිරිදි තරුණියගේ නිරුවත් මළ සිරුර හමුවෙයි (ඡායාරූප සහ වීඩියෝ)

තාවකාලික නවාතැන් පොලක පස්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී මියගිය බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ඊයේ (06) රාත්‍රි සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මියගොස් ඇති සිසුවිය නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කාමර කුලියට දෙන නවාතැන් පොලක් පිටුපස දුම්රිය මාර්ගය අසල තරුණියකගේ නිරුවත් මළ සිරුරක් වැටී තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කළ සොයා බැලීමකදී පස්මහල් ගොඩනැගිල්ල පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබූ මළ සිරුර සොයාගෙන තිබුණා.

මියගොස් ඇති සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙක් සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටි තාවකාලික නවාතැන් පොලක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ මළසිරුර හමුවීමට විනාඩි 30 කට පමණ පෙර නවාතැන් පොලෙන් පිටව ගොස් ඇතැයි සඳහන්.

එමෙන්ම මෙම තරුණිය සමග පැමිණි බව කියන තරුණයා ද කාමරයෙන් පිටවී ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව සැක පිට මෙම තරුණිය සහ තරුණයා සමග හෝටලයට පැමිණි අනෙක් තරුණ යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරිමට නියමිතයි.

මියගිය තරුණියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද ? නොඑසේ නම් සියදිවි නසාගැනීමක්ද ? යන්න සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ.

https://www.youtube.com/watch?v=3uWNMxCFrWU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30