තරුණයාගේ ඉතාලි ගමන කටුනායකින් නතර වෙයි

වංචනිකව සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර 23 හැවිරිදි තරුණයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද පස්වරු 06.40ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 217 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු සිය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මෙම තරුණයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවලදී හෙළිවී ඇත්තේ මෙම පෝලන්ත නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බවටයි.

පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 40ක් තැරැව්කරුවෙකුට ලබා දී සකස් කර ගත් බව අනාවරණය වී තිබෙනවා.

සැකකාර තරුණයාගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සටහන් දෙකක් සහිත තවත් ගමන් බලපත්‍රයක්, ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රාවක් සහ ගල්ෆ් ගුවන් සේවයේ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඔහුගේ කූඨ ලේඛන සියල්ල ද සමග වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34