තරුණයන් නැතුව පාළුවී එන්නත්පොල වසයි දෙදහකට එන්නත් ගෙනාවත් ආවේ 200යි

ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ ඊයේ 23 වැනිදා පැවති . කොවිඩ් එන්නත්කරන්න මධ්‍යස්ථානයට තරුණ පිරිස් පැණිම මන්දගාම් ලෙස සිදුවීම නිසා අදාළ මධ්‍යස්ථානය කලින් වසා දමා කාර්යමණ්ඩල ආපසු කාර්යාල වෙත යැවීමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවි අබේරත්න මහතා පැවැසීය .

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම කොට්ටුකච්චිය එන්නත් මධ්‍යස්ථානයේ 20 ත් 30 අතර තරුණ තරුණියන් 2000 කට ( දෙදහසකට ) එන්නත් ලබා දීමට සුදානම් කර තිබූ බවයි . මෙම මධ්‍යස්ථානයේදී සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණත් උදේ 8 සිට දහවල් 1 පසුවන විටත් 200 කටත් අඩු පිරිසක් සහභාගි වීමත් නිසා අදාළ එන්නත්කරණ කටයුතු සිදු කිරීම ගැටලුවක් වූ බව අබේරත්න මහතා සඳහන් කළේය . එසේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ තම කාර්ය මණ්ඩලය හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයකු ඇතුළු 35 කට ආසන්න කාර්ය මණ්ඩලයක් මේ සඳහා අනුයුක්ත කර සිටි බවයි . කෙසේ නමුත් තරුණ තරුණියන් අඩුවීමත් සමග එන්නත් මධ්‍යස්ථානය පාළු භාවයක් ගෙන තිබූ අයුරුද දැකගත හැකි විය . ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමත් අබේරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි .“ මේ තත්වය යහපත් නැහැ . අපි ඉල්ලා සිටිනවා කොඩිවලින් ආරක්ෂක්ෂා වෙන්න එන්නත් කුමක්ද කියලා බලන්නේ නැතිව එය ලබා ගන්න කියලා . ඒ එක්කම මේ වන විට ඇතැම් පිරිස් අතර විවිධ මත සැරිසරමින් පවතිනවා විවිධ ගැටලු මතුවන බවට . එහෙත් වගකීමෙන් කිවයුතුයි . තවම මේ පිළිබඳව කිසිදු පරික්ෂණයකින් එවැනි තත්වයක් සනාථ වී නැහැ . ඒ නිසා කරුණාකරලා තමන් ආරක්ෂා වෙන්න එන්නත විද ගන්න කියලා අපි සියලු තරුණ පිරිස් වෙත දැනුම් දෙනවා යැයි ඔහු පැවැසීය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31