තර්ජනයක් ගැන විදුලිබල ඇමති කංචනගෙන් විශේෂ හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් තමන් එකඟ නොවූ ලිපි ලේඛන දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කර සිර දඬුවම් නියම කරන බවට තර්ජනය කළ බව මානව හිමිකම් කොමිසම සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේබව ප්‍රකාශකර ඇත්තේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව නිලධාරීන් විසින් දැනටමත් නීතිමය අදහස් විමසා ඇති අතර සිදු වූ සිදුවීම් පිළිබඳව ලිඛිතව තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දෙන බව අමාත්‍යවරයා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කරන ලෙස කරන ලද ඉල්ලීම් අනුමත නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට ලිඛිතව දන්වා තිබෙනවා.

විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා විදුලි කප්පාදුව අනුමත නොකරන බවයි කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ.

අද (27) දිනයේ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කර ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ ඊයේ (26) පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීම අනුමත නොකරන බවයි.

පෙබරවාරි 17 වැනිදා දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් අතර එම කාලය තුළ විදුලිය විසන්ධි කළහොත් නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලිය කප්පාදු නොකිරීමට ගත් එකගතාව කඩ කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියාසිටියේ තම කොමිසම ලබාදෙන නියෝගයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙය පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවයි.

මානව හිමිකම් කොමිසම කටයුතු කරන්නේ රටේ නීතියට අනුව වන අතර කොමිෂන් සභාව ලබාදෙනු ලබන නියෝගයක් රටේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කිරීමට අනෙක් ඕනෑම පාර්ශවයක් බැඳී සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මතා අවධාරණය කළේ පසුගියදා සියලු පාර්ශව කැඳවා ඇති කරගත් එකඟතාව අනුමත කර පසුව වෙනත් හේතු දැක්වීම් සාධාරණ නොවන බවයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පැමිණි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අදාළ එකඟතාවන්ට අනුමැතිය පළ කර ඇති අතර එය තම මණ්ඩලය ඇති කරගත් එකඟතාවක් නොවන බවට වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට සභාපතිවරයාට හැකියාවක් නොමැති බවයි මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ.

සභාපතිවරයා අදාළ සාකච්ඡාවට නියෝජිතයෙකු යොමු කළේ නම් එහි වගකීම ඔහුට පැවරෙන බව ද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

මේ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන අතර අන්තර්ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද මෙය වාර්තා කිරීමට සිදුවන බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදු නොකරන ලෙසට දැනුම් දුන් තීරණය නොසලකා හරින්නේ නම් විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් ලෙසට බවට හැගී යන බව වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ප්‍රකාශ කළා.

Kanchana Wijesekara Twitter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14