තරග 03කින් ස්ථාන 89ක් ඉදිරියට පැමිණි බ්‍රෙවිස්

පසු ගිය දා නිමාවට පත් වූ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම අතර ටී ටුවෙන්ටි තරගාවලියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක ඩිවෝල්ඩ් බ්‍රෙවිස් අන්තර්ජාතික ටි ටුවෙන්ටි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 89කින් ඉදිරියට පැමිණෙමින් 12වන ස්ථානයේ මේ වන විට රැඳී සිටිනවා.

තරගාවලියේ මුල් තරගයේ ලකුණු 02ක් පමණක් ලබා ගත් බ්‍රෙවිස් දෙවන තරගයේදී විශිෂ්ඨ ශතකයක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඉනිමේ අවසන් පන්දුව තෙක් පිතකරණයේ නිරත වූ ඔහුට පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 125ක් රැස්කර ගැනීමට හැකි වූ අතර මෙම ශතකය හේතුවෙන් තරගාවලියේ දකුණු අප්‍රිකානුවන් විසින් ජයගත් එකම තරගය බවට මෙම තරගය පත් වුණා.

තුන්වන තරගයේද සුපුරුදු පිතිකරණ රිද්මයෙන් පිටියට පිවිසි මෙම යොවුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා තම නාමය ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ගේ හිත් තුළ නොමැකෙන අයුරින් සටහන් කරමින් පන්දු 26ක් තුළ වේගවත් ලකුණු 56ක් රැස් කළා.

ඩිවෝල්ඩ් බ්‍රෙවිස් විසින් තරඟ 03ක් තුළ ලකුණු 180ක් රැස්කර ගත්තේ 204ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12