තරගාවලියේ වීරයා වූ අභිෂේක් ෂර්මාට හිමි වූ මෝටර් රථය ඉන්දියාවට ගේන්න තහනම්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 2025 ආසියානු කුසලාන තරඟාවලියේ දී තරඟාවලියේ ඉහළම දක්ෂතා දක්වමින් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගනු ලැබූ ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මාට හිමි වූ Haval H9 වර්ගයේ මෝටර් රථය ඉන්දියාවට ගෙන ඒම පිළිබද ගැටළුවක් පැනනැගී තිබෙනවා.

එලස ඔහුට හිමි වූ මෝටර් රථයේ, සුක්කානම සහිත රියදුරු අසුන රථයේ වම් පසින් පිහිටා ඇති අතර ඉන්දියානු නීතිය අනුව එවැනි වම් පසින් රියදුරු අසුන පවතින ,මෝටර් රථ ඉන්දියාව තුළ ධාවනය කිරීම තහනම් වන අතර දකුණු පසින් රියදුරු අසුන පිහිටි වාහන පමණක් ඉන්දියාවට ආනයනය කිරීමට සහ ලියාපදිංචි කිරීමට අවසර හිමි වී ඇති බවයි වාර්තාවන්නේ.

එම හේතුවෙන් අභිෂේක් ෂර්මාට එම රථය ඉන්දියාවේ ලියාපදිංචි කිරීමට හෝ නීත්‍යානුකූලව ධාවනය කිරීමට නොහැකි අතර, සම්මත ක්‍රියා පටිපාටි හරහා මෝටර් රථය ආනයනය කළ නොහැකි බවට ද විදෙස් මාධ්‍ය පවසනවා.

  1. ඕක ඩුබායි වල ප්‍රදර්ශනේට තිබ්බ එකක්..තෑග්ග ඉන්ඩියාවට යවයි..මෝඩ මාද්‍යවේදියෙක්

    • ඔබ වැරදියි, ඉන්දියාවේ වාහන කර්මාන්තය දියුණු කිරීමට පිටරට නිශ්පාදනය කරන ලද වාහන ආනයනය තහනම් . වැරදියි නම් නිවැරැදි කරන්න.

  2. ලංකාවේ එකෙක් ඕක ගනියි මිල ප්‍රස්නයක් නැහැ. දැන් ලංකාවේ සල්ලි නැහැ කියලා ගේන වහන දැන් පිස්සු හැදෙන වා දුප්පතා බදු ගෙවනවා

  3. ඕක 80ව90 කාලෙත් වුනා, රවී ශාස්ත්‍රී හරි ඉන්දියා ටීම් එකේ කෙනෙක් වාහනයක් දින්නා, ඒත් ගෙන්න දූන්නේ නෑ.
    මම හිතන්නේ ඉන්දියාවේ වාහන කර්මාන්තය දියුණු කිරීමට පිටරට නිශ්පාදනය කරන වාහන ගේන්න දෙන්නේ නෑ.දැන් තත්වය වෙනස් ඇති.
    ඒ කාලේ අගමැතිවරයා පවා ඇම්බැසඩර් කාර් එකේ ගියේ. මං වැරදියි නම් නිවැරැදි කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27