තරගය අතර තුර වේදනා නාශක ක්‍රීම් ගෑ ජඩේජාට අයි.සී.සීයෙන් දඬුවම්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ නාග්පූර් හි පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 132ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට අද (11) හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කරන්නට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඒ, මෙම තරඟයේදී ඔහු විසින් අයි.සී.සී. ආචාර ධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය කඩ කර තිබීම හේතුවෙන්.

ජඩේජා ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ පන්දු යවමින් සිටින අතර තුර සිය පන්දු යවන අතේ මාපටැඟිල්ලේ කිසියම් ආලේපන වර්ගයක් තවරන ආකාරය දැකගත හැකි වුණා.

ඒ, පිළිබඳව පසුගිය දින කිහිපයේ දී දැඩිලෙස කතා බහක් මතුව ආ අතර ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ පන්දුවෙහි ඔපය සහ හැසිරීම වෙනස් කිරීමේ අරමුණකින් ජඩේජා මෙය සැලසුම් සහගතව සිදුකළ බවටයි.

ජඩේජා ඔහුගේ දකුණු අතෙන් මොහොමඩ් සිරාජ්ගේ අත්ලෙහි පිටුපසින් තවරාගෙන තිබූ යම් ද්‍රව්‍යයක් ගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකි වුණා.

එම අවස්ථාවේ පන්දුව ඔහුගේ අතේ තිබුණද, එම දර්ශනවල කිසිම අවස්ථාවක ජඩේජා පන්දුව මතම කිසිවක් තවරන ආකාරය දක්නට ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ නායක රෝහිත් ශර්මා පැහැදිලි කර තිබුණේ දඟපන්දු යවන ක්‍රීඩකයා තම පන්දු යැවීමේ අතේ මාපටැඟිල්ලේ ඉදිමීමකට වේදනා නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කළ බවයි.

ජඩේජා විසින් සිදුකළ එම ක්‍රියාව පිටියේ විනිසුරුවන්ගෙන් අවසර නොගෙන සිදුකිරීමේ වරද මතයි ඔහුට අදාළ දඩ මුදල පැනවීමට තීරණය කර ඇත්තේ.

මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමීමට ජඩේජා සමත් වූ අතර ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේදී කඩුලු 02ක් ඔහු විසින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59