තරගයට ඔන්න මෙන්න තිබියදී මැටිල්ඩා ක්ලාසන්ගෙන් සැර කතාවක්

මෙවර ඔලිම්පික් තරගාවලියේ මේවන විට ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බවට පත්ව සිටිනා මැටිල්ඩා ක්ලාසන් අශ්වාරෝහක සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයට හෙට එක්වනවා.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 3.30ට ආරම්භවීමට නියමිත අතර මැටිල්ඩා ක්ලාසන් පවසන්නේ යුරෝ මිලියන 6ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක් ආසන්න වටිනාකමකින් යුත් අශ්වයකු සමඟ තමන් ඔලිම්පික් බිමට
පැමිණියේ හිස් අතින් යන්නට නොවන බවටයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග ඉසව්පැවැත්වෙන 10වැනි දිනයේදී පිරිනැමීමට නියමිත රන් පදක්කම් සංඛ්‍යාව 22ක්.

කාන්තා තුන් පිම්ම ඉසව්වේදී නව ලෝක වාර්තා ද සමගින් රන් පදක්කම දිනා ගන්නට වෙනිසියුලාවේ යුලිමාර් රොජාස් සමත් වුණා.

ඇය මෙම නව ලෝක වාර්තාව පිහිටවුයේ මීටර් 15යි දශම 67ක පිම්මක් පනිමින්.

යුලිමාර් රොජාස් බිදහෙළුවේ වසර 16ක් පැරණි ලෝක වාර්තාවයි.

මේ අතර, පිරිමි උස පැනිමේ ඉසව්වේදී රන් පදක්කම කටාර් දේශයේ මුටාස් එසා බාර්ෂිම් සහ ඉතාලියේ ජීයන්මාර්කෝ තම්බෙරී අතරේ සමසේ බෙදී යෑමත් කැපී පෙනුණා.

ඔහු දෙදෙනාම මීටර් 2යි දශම 37ක උසක් තරණය කර තිබුණත්, රන් පදක්කම් වෙනුවෙන් මීටර් 2.39ක උසක් ලබා දුන් මොහොතක දී එම උස තරණය කරන්නට මුටාස් එසා බාර්ෂිම් සහ ජීයන්මාර්කෝ තම්බෙරීට නොහැකිව ගියා.

ඒ අනුව රන් පදක්කම පිරිනැමීම සඳහා තරග සංවිධායකයින් විසින් ඔවුන් දෙදෙනා කැඳවා ලබා දෙන උස සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

එහිදී, කටාර් දේශයේ මුටාස් එසා බාර්ෂිම් අසා සිටියේ අපි දෙදෙනාට ම රන් පදක්කම් දෙකක් ලබා දෙන්නට හැකි ද යන්නයි.

එම යෝජනාවට ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් එකඟතාවය පළ කළ අතර ඒ අනුව 1912 ස්ටොක්හෝම් ඔලිම්පික් උළෙලෙන් අනතුරුව වසර 109කට පසු ඔලිම්පික් උළෙලක දී ඔවුන් දෙදෙනාට ම සම ජයග්‍රහණක් පිරිනමනු ලැබුවා.

කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට චීනයේ ලීජාං ගෝං සමත් වුණේ මීටර් 20.58ක දස්කමක් දක්වමින්.

රිදී පදක්කම අමෙරිකාවේ රාවන් සෝන්ඩර්ස් දිනා ගත්තා.

නවසීලන්තයේ සුපිරි ක්‍රීඩිකා වැලරියා ඇඩම්ස් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර ඇය ඉතිහාසය එක්වුණේ එක් ඉසව්වකින් ඔලිම්පික් තරගාවලි 4ක දී පදක්කම් දිනා ගත් ලොව පළමු ක්‍රීඩිකාව ලෙසටයි.

මීට පෙර ඇය 2008 සහ 2012 ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් දිනා ගනිද්දී, 2016 ඔලිම්පික් උළෙලේ දී ද රිදී පදක්කම දිනා ගත්තා.

රිදී පදක්කම දිනා ගත් අමෙරිකාවේ රාවන් සෝන්ඩර්ස් ජය සංකේත ප්‍රධානයේ දී, “X” අභිනය නිරුපණය කිරීම ගැන ජගත් මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් තරග සංවිධායකින් විසින් ඇයට එරෙහිව පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන පැවැති කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වේන් රන් පදක්කම දිනා ගන්නට පෝටෝ රිකෝ රාජ්‍යයේ ජැස්මින් කැමාචෝ-ක්වින් සමත් වුණා.

ඒ තත්පර 12.37කින් තරගය නිමා කරමින්.

පෝටෝ රිකෝ රාජ්‍යය ජවන හා පිටියේ තරග ඉසව්වකින් දිනා ගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ද මෙය වනු ඇති.

මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන අමෙරිකාවේ කින්ඩා හැරිසන්ට රිදී පදක්කමින් සෑහීමට පත්වන්නටත් සිදුවුණා.

10වැනි දිනයේ තරග ඉසව් ක්‍රියාත්මක වෙද්දී තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැකගන්නට චීනය සමත් වී තිබෙනවා.

ඒ රන් 24ක් රිදී 14ක් සහ ලෝකඩ 13ක් සමගින් සමස්ත පදක්කම් 51කට හිමිකම් කියමින්.

දෙවැනි ස්ථානය රන් 20කට හිමිකම් කියන අමෙරිකාවත්, තුන්වැනි ස්ථානය රන් 17ක් දිනා සිටින සත්කාරක ජපානයත් රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48