තම දියණියගේ හිස කඳින් වෙන්කර ඔලුවත් රැගෙන පොලීසියට පැමිණි පියා (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ තරුණියකගේ හිස කදින්වෙන් කර ඝාතනය කළ පුවතක් වාර්තා වී සතියක යාමටත් මත්තෙන් අසල්වාසී ඉන්දීයාවෙන් ද ඒ හා සමාන වූ අමානුෂික සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී හර්දෝයි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු විසින් ඊයේ (03) දිනයේ උදෑසන කාලයේ දී ඝාතනය කළ යුවතියකගේ හිසක් සහිතව පාරේ ගමන් කරමින් සිටියේ පාරේ සිටි ජනතාවද මහත් බියට පත් කරමිනි.

මෙම පුද්ගලයා හර්දෝයී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට තිබෙන අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු විසින් සිය 17 හැවිරිදි දියණියව ඝාතනය කර හිස සුන් කළ බවයි.

සිය දියණිය පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මුලික කරගෙන ඇති වූ ආරවුලක් මත පියා විසින් මෙලෙස සිය දියණියගේ හිස කඳින් වෙන් කර ඝාතනය කර තිබෙනවා.

පොලීසිය කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා තමා තමා විසින් තියුණු ආයුධයකින් සිය දියණිය ඝාතනය කළ බවත් සිරුර සිය නිවසේ දියණියගේ කාමරය තුළ තිබෙන බවත්ය.

පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර නිවස පරික්ෂා කිරීමේදී මිය ගිය දියණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබුණා.

සර්වේෂ් කුමාර් නම් මෙම පුද්ගලයා හිස රැගෙන පැමිණෙන ආකාරය පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණු අතර එම අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන පහතින්.

වීඩියෝව මෙතැනින්

https://streamable.com/ukjcs0

උපුටා ගැනීම – Asian Mirror



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46