“තමුසෙ මහ නරුමයෙක්… මං හිතාගෙන හිටියෙ තමුසේ දෙවියෙක් කියලා…”

‘‘පුෂ්පිකා හැමදාම කුරුටු ගගා ඉඳලා හරියන්නෙ නැහැ. නවීන තාක්‍ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනෙ. අයි. ටී ටිකක් ඉගෙන ගත්තොත් ඔයාට ඒක අනාගතේදී ලොකු ප්‍රයෝජනයක් වෙයි.’’

තොරතුරු තාක්‍ෂණය ගැන ඉගෙනීමේ වැදගත්කම ගැන ධනසේකර මහත්තයා නිතරම පුෂ්පිකාට අවවාද අනුශාසනා කළා.

තමන්ගෙ තාත්තා වගේ ඉන්න ධනසේකර මහත්තයාගෙ මේ අවවාද පුෂ්පිකාත් මහ ඉහළින් පිළිගත්තා.

පුෂ්පිකා ජීවත් වුණේ කොළඹින් දුර බැහැර හම්බන්තොට පැත්තෙ පිටිසර ගමක.

පාසල් අධ්‍යාපනය හමාරකරපු පුෂ්පිකා පෞද්ගලික ආයතනයක සේවයට ආවෙ දහසකුත් එකක් බලාපොරෝතු හිතේ පොඳි බැඳගෙන.

පුෂ්පිකාට පරිගණක දැනුම මෙන්ම තොරතුරු තාක්‍ෂණය ගැන ඒ හැටි දැනීමක් තිබුණෙ නැහැ.

පුෂ්පිකා කියන්නෙ බොහොම සුන්දර යුවතියක්. ඇත්දල පාට සමක් නොතිබුණාට ඇය බොහොම ප්‍රසන්න පෙනුමක් තියෙන යුවතියක් නිසා පෞද්ගලික ආයතනයේ හැමෝම ඇයට ප්‍රිය කළා.

ඒ අතරින් මේ ආයතනයේ කළමනාකරුවකු වන ධනසේකර පුෂ්පිකා ගැන වැඩි උනන්දුවක් දැක්වූවා.

මං පුෂ්පිකාට හොඳ අයි ටී කෝස් එකක් හොයලා දෙන්නම්. ඔයාට ඒ වෙනුවෙන් යන වියදම් ටිකත් මම බලාගන්නම්. ඔයා හොඳට ඉගෙනගන්න. හොඳ අනාගතයක් ඔයාට තියෙනවා.

එහෙම කියලා ධනසේකර පුෂ්පිකාව තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවක් හදාරන්න යොමුකළා. කොළඹට නුදුරු ප්‍රදේශයක පෞද්ගලික උසස් අධ්‍යාන ආයතනයකට පුෂ්පිකාව යොමුකරන්න ධනසේකර පියවර ගත්තා. අනේ සර්.. මං කොහොමද කොළඹ යන්නෙ. අනික ඔය තැන් හොයාගන්න මම දන්නෙත් නැහැ. ඕව ගැන අපේ අම්මට තාත්තාට දැනුමක් ඇත්තෙත් නැහැ. පුෂ්පිකාගෙ මහලූ දෙමවුපියෝ බොහොම අහිංසක වැඩි උගත්කමක් නැති උදවිය. ඒ මිනිස්සුන්ට අයි ටී ගැනවත් කොළඹ ගෙන්දගම් පොළොව ගැනවත් දැනුමක් තිබුණෙ නැහැ.

ධනසේකර පුෂ්පිකාගෙ ගෙදර ඇවිල්ලා වැඩිහිටියන්ට දුවගෙ වැඩිදුර අධ්‍යාපනය ගැන පැහැදිලි කරලා දුන්නා. ඒ වෙනකොට මේ පවුලෙ හැමෝටම ධනසේකර ගැන තිබුණේ ලොකු විශ්වාසයක්.

අනේ සර් අපේ කෙල්ල අහිංසකයි. කෙල්ලගෙ අනාගතේ හදලා දෙන එක සර්ට භාරයි.

පුෂ්පිකාගෙ මහලූ දෙමවුපියො ධනසේකරට කිව්වා. පසුදා උදෑසනම කොළඹට යෑමට පැමිණෙ පොරොන්දුව මත ධනසේකර පුෂ්පිකාගෙන් සමුගත්තා.

උඹ ඔය ඉගෙන ගන්න වැඩටික හරියට කරපං ධනසේකර මහත්තයගෙ මූණෙ දැලිගාන වැඩ එහෙම කරන්න එපා. ඒ මනුස්සය රත්තරං මනුස්සයෙක්.

වැඩිහිටියො දන්න විදිහට තමන්ගෙ එකම දියණිය පුෂ්පිකාට අවවාද අනුශාසනා කළා.

පසුදා උදෑසනම ධනසේකර එයාගෙ අලූත්ම මෝටර් රථයෙන් පුෂ්පිකාලගෙ ගෙදර ආවා. පුංචි කාලෙ ඉඳලා එක රැයක්වත් නිවසින් පිටවෙලා නොගිය පුෂ්පිකා එදා කොළඹ යන්න ලෑස්ති වුණේ මහලූ මවුපියන්ගෙ දෙපා වැඳලයි. පුෂ්පිකා වාහනයට නංවාගත්ත ධනසේකර කොළඔ යන්න ඉගිල්ලූණා. පාන්දරින් ආව නිසා කන්න ලැබුණෙත් නැහැ. අපි මොනවා හරි කාලම යමු.

ධනසේකරගේ යෝජනාවට පුෂ්පිකාත් කැමැත්ත පළකළා. මාතරට නුදුරු ප්‍රදේශයක පිහිටි තානායමකට ධනසේකර වාහනේ හැරෙව්වා.

ඒ වෙනකොට පුෂ්පිකාට ධනසේකර මහත්තය ගැන අබමල් රේණුවක තරම් සැකයක් තිබුණෙ නැහැ.

අපි කාමරයක් අරන් ටිකක් රෙස්ට් කරලා මොනව හරි කාලා යමු. එහෙම කිව්ව ධනසේකර පුෂ්පිකාව අරන් තානායමේ කාමරේකට රිංගුවා. දැන් දැන් පුෂ්පිකාගෙ හිතට දැනුනෙ ලොකු බියක්. ඒත් ඒ වෙනකොට කරන්න කිසිම දෙයක් නැහැ. පුෂ්පිකා ඔයා දැන් මං කියන විදිහට ඉන්න ඕනෙ. අපි දෙන්න අද මෙහෙ නතරවෙලා හෙමිහිට කොළඹ යමු. ඕන වෙලාවක බැරියැ අයි ටී ඉගෙන ගන්න. ධනසේකර එහෙම කියලා පුෂ්පිකාව තුරුළු කරගන්න හැදුවා. ඒ වෙනකොට පුෂ්පිකාගෙ හිතේ ධනසේකර ගැන තිබිච්ච සියලූම ගෞරවය පෑලදොරින් පිටවෙලා ගිහින්. තමුසෙ මහ නරුමයෙක්. මං හිතාගෙන හිටියෙ තමුසේ දෙවියෙක් කියලා. මගේ ඇඟට අත තියන්න එපා… පුෂ්පිකා කෝපයෙන් කෑ ගැහුවා.

පුෂ්පිකා උඹ මෙතන කෑ ගැහුවට වැඩක් නැහැ. මෙතන ඉන්න හැමෝම මගේ යාළුවෝ. මට ඕනෙනම් උඹව පොලිසියටත් අල්ලලා දෙන්න පුළුවන්. දඟලන්නෙ නැතිව මං කියන විදිහට හිටපන්. දෙවිකෙනෙක් වගේ පෙනී සිටිය ධනසේකර රාක්‍ෂයෙක් වගේ දත් විලිස්සාගෙන අහිංසක පුෂ්පිකා සිය ග්‍රහණයට ගත්තා. දවසක් දෙකක් නොවෙයි දවස් තුනක් තිස්සේ මේ නවාතැන් පළේ කාමරේක හිරකරගෙන ධනසේකර පුෂ්පිකාගේ ජීවිතේ විනාශ කළා. මට දැන් අයි ටී වැඩක් නැහැ. උඹ වගෙ කාලකණ්ණියෙක් පේන මානෙකවත් මට ඉන්න ඕනෙ නැහැ. එහෙම කියපු පුෂ්පිකා කොළඹ උසස් අධ්‍යාපන ආයතනයට යන එක පැත්තක දාලා ආපහු අහිංසක දෙමවුපියො ළඟට යන්න තීරණය කළා.

අනවශ්‍ය ලෙන්ගතුකම් පෙන්වමින් උදව් උපකාර කරන්න ඉදිරිපත් වන අය ගැන දෙවරක් හිතන්න ඕනෙ කාලයක් මේක. පුෂ්පිකාගෙ කථාව ඒකට හොඳම උදාහරණයක්.

– රණදේව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14