තමාව ඉවත් කළ හේතුව ගම්මන්පිල කියයි

තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ අමෙරිකාවට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ලබාදීමේ ව්‍යාපෘතිය සම්මත කරගැනීමට බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඊයේ (07) ඒ මහතා සඳහන් කළේ, රටක් හිතාමතාම වට්ටන්නේ රට විදේශීකරණය කිරීමට බවය.

“අපි හිතමු තෙල් හිඟය ඇතිවුණේ මම කියපු නිසා කියලා. එහෙනම්, බෙහෙත් හිඟයක් තියෙනවනේ. සෞඛ්‍ය ඇමතිතුමා බෙහෙත් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. එහෙනම් ඉතින් බෙහෙත් හිඟයක් ඇතිවෙන්න විදියක් නැහැනේ. ඒ වගේම මේ දවස්වල ගෑස් හිඟයක් තියෙනවා නේ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගෑස් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. යකඩ, සිමෙන්ති වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය.”

“දෙන දෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන හිටියා නම් අදටත් ප්‍රබල ඇමතිවරයෙක්.” 

“බයේ නම් හිටියේ නැහැ. එතුමා කියන දේට යහපති මහරජ, මහරජ නෙවෙයි.. යහපති යුවරජ. යහපති යුවරජ කියලා හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. එහෙම ඉන්න කට්ටියත් ඉන්නවනේ. නමුත් එතුමා එක්ක මට ගැටෙන්න සිද්ධ වුණා. ඒ මේ රටේ ආර්ථිකයට කරන විනාශය බලන් ඉන්න බැරි නිසා. උදාහරණයක් හැටියට රටේ බෙහෙත් නැහැ. බෙහෙත් නැතුව අම්මලා, තාත්තලා මියයනවා.”

“ඒ අතරේ රටක් ඇවිල්ලා අපිට කියනවා.. සිංහරාජ අඩවිය අපිට දුන්නොත් අපි රටට වසරකට අවශ්‍ය 
බෙහෙත් දෙනවා කියලා. දේශප්‍රේමීන් විරුද්ධ වෙනවා. ඒ අය කියනවා සිංහරාජය අපේ දැවැන්ත සම්පතක් මේක දෙන්න බෑ කියලා.”

“එකතොට අර මියයමින් ඉන්න දෙමව්පියන්ගේ දරුවෝ පොලු අරන් එන්නේ නැද්ද දේශප්‍රේමීන්ට ගහන්න. ජනතාවට බඩගිනි වුණාට පස්සේ දුටුගැමුණු, පැරකුම්බා නෙමෙයි කුසගිනි තමයි අංක එක වෙන්නේ.රටක් සිතාමතාම වට්ටන්නේ.. රටේ පාලනය විදේශීයකරණයට.” 

“අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ගැන එක එක කතා කියනවා නේ. නිව් ෆෝට්‍රස් එනර්ජි සමග අත්සන් කළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ අත්සන් කළාට පස්සේ. ඒ ගිවිසුමේ වැදගත් වගන්තියක් තියෙනවා… ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම් කියලා. එකක් තමයි බලශක්ති ඇමති හරහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට LNG සැපයීම. බලපත්‍රයක් නිකුත් කරවා ගැනීම.”

“මේ ගිවිසුම ක්‍රියාත්මක කරවන්න ලොකු බාධාවක් වෙනවා මාව ඉවත් කරගත්තේ නැත්තම්. ගම්මන්පිල වෙනුවට වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ව ඇමති ධූරයට පත්කර ගන්න ඕනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45