තමාව ඉවත් කළ හේතුව ගම්මන්පිල කියයි

තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ අමෙරිකාවට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ලබාදීමේ ව්‍යාපෘතිය සම්මත කරගැනීමට බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඊයේ (07) ඒ මහතා සඳහන් කළේ, රටක් හිතාමතාම වට්ටන්නේ රට විදේශීකරණය කිරීමට බවය.

“අපි හිතමු තෙල් හිඟය ඇතිවුණේ මම කියපු නිසා කියලා. එහෙනම්, බෙහෙත් හිඟයක් තියෙනවනේ. සෞඛ්‍ය ඇමතිතුමා බෙහෙත් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. එහෙනම් ඉතින් බෙහෙත් හිඟයක් ඇතිවෙන්න විදියක් නැහැනේ. ඒ වගේම මේ දවස්වල ගෑස් හිඟයක් තියෙනවා නේ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගෑස් හිඟයක් ගැන කිව්වේ නැහැනේ. යකඩ, සිමෙන්ති වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය.”

“දෙන දෙයක් කාලා.. වෙන දෙයක් බලාගෙන හිටියා නම් අදටත් ප්‍රබල ඇමතිවරයෙක්.” 

“බයේ නම් හිටියේ නැහැ. එතුමා කියන දේට යහපති මහරජ, මහරජ නෙවෙයි.. යහපති යුවරජ. යහපති යුවරජ කියලා හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. එහෙම ඉන්න කට්ටියත් ඉන්නවනේ. නමුත් එතුමා එක්ක මට ගැටෙන්න සිද්ධ වුණා. ඒ මේ රටේ ආර්ථිකයට කරන විනාශය බලන් ඉන්න බැරි නිසා. උදාහරණයක් හැටියට රටේ බෙහෙත් නැහැ. බෙහෙත් නැතුව අම්මලා, තාත්තලා මියයනවා.”

“ඒ අතරේ රටක් ඇවිල්ලා අපිට කියනවා.. සිංහරාජ අඩවිය අපිට දුන්නොත් අපි රටට වසරකට අවශ්‍ය 
බෙහෙත් දෙනවා කියලා. දේශප්‍රේමීන් විරුද්ධ වෙනවා. ඒ අය කියනවා සිංහරාජය අපේ දැවැන්ත සම්පතක් මේක දෙන්න බෑ කියලා.”

“එකතොට අර මියයමින් ඉන්න දෙමව්පියන්ගේ දරුවෝ පොලු අරන් එන්නේ නැද්ද දේශප්‍රේමීන්ට ගහන්න. ජනතාවට බඩගිනි වුණාට පස්සේ දුටුගැමුණු, පැරකුම්බා නෙමෙයි කුසගිනි තමයි අංක එක වෙන්නේ.රටක් සිතාමතාම වට්ටන්නේ.. රටේ පාලනය විදේශීයකරණයට.” 

“අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ගැන එක එක කතා කියනවා නේ. නිව් ෆෝට්‍රස් එනර්ජි සමග අත්සන් කළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ අත්සන් කළාට පස්සේ. ඒ ගිවිසුමේ වැදගත් වගන්තියක් තියෙනවා… ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම් කියලා. එකක් තමයි බලශක්ති ඇමති හරහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට LNG සැපයීම. බලපත්‍රයක් නිකුත් කරවා ගැනීම.”

“මේ ගිවිසුම ක්‍රියාත්මක කරවන්න ලොකු බාධාවක් වෙනවා මාව ඉවත් කරගත්තේ නැත්තම්. ගම්මන්පිල වෙනුවට වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ව ඇමති ධූරයට පත්කර ගන්න ඕනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15
Video thumbnail
අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
01:29
Video thumbnail
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව සම්පූර්ණයෙන්ම බොරු - මේ පට්ටපල් බොරු සමාජගත කරලා
03:36