තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පියතුමෙකුගෙන් අධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකශයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ විමර්ශන කොට්ටාසයේ විශේෂ ඒ්කකයේ ස්ථානාධිපති ලලිත දිසානායක, අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.තිලකරත්න, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

අදාළ ප්‍රකාශය මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදනාමක් පවතින බැවින් එමගින් සිය මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට එරෙහිව නොතීසි නිකුත්කරන ලෙසත්, තමාව අත්අඩංගුවට ගැනීම වලක්වලන අතුරු නියෝගයක් වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන්නැයි ආචාර්ය සිරිල් ගාමීණී ප්‍රනාන්දු පියතුමා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටී.`

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12