”තමන්ගේ කතාව පත්තිනි අම්මා වගේ ලියලා අනුන්ගේ කතා කාලි අම්මා වගේ ලියන්න එපා”

ඇත්තෙන්ම ඕනෑම විවාහක යුවළකගේ කැදැල්ල සුන්දර කරන්නේ කැදැල්ලට කිරි සිනහවත් රැගෙන පුංචි පැටියෙකු එක්වීමත් සමගිනුයි. පුංචි පැටියෙක් ඉන්න ගෙදර සතුට ආදරය පිරි ඉතිරි යනවා කියන කතාව බොරුවක් නොවෙයි.

ඉතින් දිනක්ෂි – සාරංග යුවළගේ පුංචි කැදැල්ලට කිරි සිනහා අරගෙන ආවේ සිගිති දියණියක් වන අතර ඔවුන්ගේ කැදැල්ලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුනා.

ඉතින් මේ සිඟිති දියණිය වටා ගෙතුණු කතා ගැන දිනක්ෂි සහ සාරංග නිතර නිතර තම සමාජ මාධ්‍ය ගිණුමේ අපුරු චයාරුප සහ වීඩියෝ පල කරනවා. ඒ හරහා ඔවුන්ට ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාර ලැබෙනවා. කොහොම වුනත් දිනක්ෂි පසුගිය දිනක තම සමාජ මාධ්‍ය ගිණුමේ අපූරු සටහනක් එකතු කරලා තිබෙනවා.

ඉතින් ඇය මෙහි සඳහන් කර තිබුනේ, ”තමන්ගේ කතාව සිද්ධාර්ථ, පත්තිනි ,රෝමියෝ , සාලිය වේශයෙන් ලියා අනුන්ගේ කතා කඩවර, කාලි, දේවදත්ත, අම්බපාලි අරූඩියෙන් ලියන්න එපා.” කියලයි.

  1. 1 St comment… saththakinma sathutin inna… anith AYAGEE kathaa ADAALA nahane.. nohakiyawa nisaa godak minissu irshyaawa karapinnaagena inne… ee nisaa oyaalage deewal MAADYATA DAMEEMA awama karanna…