තබ්බෝව අභය භුමියේ ගින්නකින් අක්කර 300ක් විනාසයි (ඡායාරූප)

තබ්බෝව අභය භුමියෙ ඇතිවූ හදිසි ගිනි ගැනිමක් හේතුවෙන් අක්කර 300කට වැඩි භුමි ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් වන ජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා සඳහන් කළේ ඊයේ (11) දහවල් ඇති වූ මෙම ගින්න පැය 10කට ආසන්න කාලයක් පුරා පැවති බවයි.

වන ජීවී නිලධාරීන්, තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ පුත්තලම නගර සභා ගිනි නිවීමේ ඒකකය ඇතුළු කණ්ඩායම් එක්ව ගින්න සම්පුර්ණයෙන් පාලනය කර තිබෙනවා.

වන ජීවී නිලධාරීන් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගත ආකාරයෙන් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

ගිනි තැබීමෙන් පසු වන සතුන් දඩයම් කිරීම අරමුණ විය හැකි බවට ද ඔවුන් සැක කරනවා.

ඊයේ දහවල් ඇතිවූ ගින්න තබ්බෝව අභය භුමියේ 13 කණුව ප්‍රදේශයෙන් ආරම්භවී අභය භූමියේ අක්කර 300ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ බව සඳහන්.

වන ජීවී නිලධාරීන් සැක කරන්නේ මෙම ගිනි ගැනීම හේතුවෙන් කුඩා සතුන් රැසක් මිය යන්නට ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39