තනිකඩව ඉන්නව කිව්ව මේධා ඇගේ අලුත් ප්‍රේමය සම්බන්ධය ගැන හෙළි කරයි

මේ දිනවල ගොඩක් දෙනාගේ කතා බහට ලක්වන චරිතයක් තමයි මේධා ජයරත්න කියලා කියන්නෙ. බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ මේ දින වල ඇය පෙනී සිටින ඡායාරූපකරණයන් නිසා වෙන්නට පුළුවන්.

ඒත් සමගම ඇය ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදාටත් වඩා හිතන බවත් පේන නිසා වෙන්නටත් පුළුවන් කොහොම වුණත් මේ කතාව ඇය පිළිබඳව. ඉතින් මේධා විවාහ වෙලා තිබුනේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් සමඟ. නමුත් පසුව ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වෙනවා.

ඉතින් ඔවුන් දෙපළට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. මේ වන විට දරුවන් දෙදෙනා ඉන්නේ සැමියා ගාව මේ දවස් වල අය ගැන කතා වෙන තවත් කාරණාවක් තමයි හිරු mega stars කියලා කියන්නේ. එහිදී ඇය දෙවන තරගාවලියට වගේම තුන්වෙනි තරගාවලිය ටත් සම්බන්ධ වෙනවා. ඉතින් එහිදී නටපු නැටිල්ලේ සාර්ථකත්වයක් විදිහටත් බොහෝ ආරාධනා ලැබෙනවා කියනවා රංගන ක්ෂේත්රයේ නිර්මාණ වෙනුවෙන්.

ඉතින් ජීවිතයේ ප්‍රශ්න දුක් කම්කටොලු වලට මුහුණ දීලා තනියෙන් ජීවත් වෙන ඇය ඒ පිළිබඳව කියන්නේ,” මම ප්‍රශ්න වලින් පැනලා හැංගිලා ඉන්න කෙනෙක් නෙවෙයි. විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා ගැහැනියක් තනියම ඉන්නකොට මිනිසුන් බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ

. එවැනි පුද්ගලයන්ට මම පිළිතුරු දුන්න විදිය ඒ මිනිස්සුන්ම දන්නවා.” ඇය කියන විදියට නම් තනියෙන් ජීවත් වන කාන්තාවකට මේ සමාජයෙන් එල්ලවන බලපෑම බොහොම වැඩියි. රංගන ක්ෂේත්‍රයේ දී වුවත් එය එසේමයි කියල ඇය කියනවා. ඇය විවාහයෙන් වෙන්වීම නිසා ලැබෙන ආරාධනා තරුණ කාලයේ ඇයට ලැබුණු ආදර ඇරයුම් වලටත් වඩා වැඩියි කියලා තමයි ඇය කියන්නේ.

විදේශයන් වල අය පවා ඇයගේ දරුවන් දෙදෙනා ද සමග ඇයව භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරල තියෙන බවත් ඇය කියනවා. ඉතින් පසුගිය දවසක ඇය පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි ඇයට වසර 4ක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙනවා කියලා.දරුවන්ගෙන් ඈත් වෙලා ඔවුන් පිළිබඳව සොයන බලන අතර තුරේදී මේ ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳව ප්‍රකාශ කිරීමත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තිබුණා.

ඒත් එක්කම විවාහයක් පිළිබඳව කතා කරන්නේ නැති උනත් බොහොම සතුටෙන් ජීවත් වන බව නම් ප්‍රකාශ කරනවා. කාරණය කුමක් වුවත් ජීවත් වෙන එක තමයි බොහෝ දෙනාගේ අභිලාෂය වෙන්නේ. ඉතින් මේ ඇයගේ අනාගත ජීවිතය වෙනුවෙන් තීරණ ගැනීම ඇය සතු කාර්යයක් කොට අනාගතය දෙස බලා සිටීමයි වැදගත් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42