තද සුළඟකින් නිවාස 15කට පමණ දැඩි අලාභ හානි (ඡායාරූප)

කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයට අද පස්වරුවේ හැමූ තද සුළඟකින් නිවාස 15කට පමණ දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

අද සවස 4ට පමණ මෙම සුළං තත්වය හටගෙන ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද ඇණහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.