තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, නැගෙනහිර පළාත් සහ කුරුණෑගල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා අද පස්වරු 1ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (13) පස්වරු 1 දක්වා වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51