තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සඳහා අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 දක්වා වලංගු වනවා.

එහි දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි.

බස්නාහිර, සබරගමුව දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48