තණමල්විල දැරිය කෙළසූ සිද්ධියේ පොලිස් ලොක්කෙකු ලෙස පෙනී සිටිමින් විස්තර ගත් පුද්ගලයා රිමාන්ඩ්

තණමල්විල ජාතික පාසලේ දී සමූහ දූෂණයට ලක් වූ දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී; පොලිස් මූලස්ථානයේ අධිකාරිවරයෙකු යැයි පවසමින් දූරකථන ඇමතුමක් ලබා දුන් එම සිම්පතෙහි හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි නියෝග කර තිබෙනවා.

පෙරේදා (20) මෙම නියෝගය ලබා දී ඇති අතර; සැකකරුව මේ මස 28 දන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොඩිප්පිලි ආරච්චිලාගේ මනරංග උදයකුමාර ධර්මසේන නමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකරු අංගන්තැන්න, දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හෙළි ව තිබෙනවා.

සමූහ දූෂණයට ලක් වු දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදි පසුගිය 13 වන දින හම්බන්තොට මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියෙකු සම්බන්ධ කරගෙන තමන් පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු බව පවසමින් දැරියගේ දූරකථන අංකයක් සැකකරු විසින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු තමන් පොලිස් මුලස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙකු බව පවසමින් දැරියගේ සාත්තුවට සිටි දැරියගේ පුංචි අම්මාට හා පසුව දැරියටත් දුරකතනය ඔස්සේ කතා කර සිද්ධියට අදාළ විමර්ශනවල විස්තර ලබාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ඇති වු සැකය මත දැරියගේ පුංචි අම්මා විසින් මේ සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක ඉදිරිපත් කර තිබුණේ පසුගිය 14 වන දිනයි.

ඒ අනුව සිම්පත් පරික්ෂා කර සිද්ධියට අදාළ වාර්තා ලබා ගැනීමෙන් පසු අනාවරණය වු තොරතුරු මත සිම්පත හිමි පුද්ගලයා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට භාර දී තිබෙනවා.

එහිදී අදාළ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ දී සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමාට අයත්ව තිබූ දුරකතන ඇමතුම ලබාගත් සිම්පත් මේ වන විට තමා සන්තකයේ නොමැති බවයි.

මීට මාස 06කට පෙර තමන් එම සිම්පත සහිත දුරකතනය උකස් තැබූ බවත්, නැවත උකස බේරා ගන්නා අවස්ථාව වන විට එම සිම්පත දූරකථනයේ නොතිබුණු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වෙන අතර; අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි දැනුම්දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51