තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කෙරේ

සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී සත්ත්ව ආහාර සැකසීම සදහා මෙරට උසස් තණකොළ නොමැතිකම සම්බන්ධව එම කර්මාන්තකරුවන් අදහස් දැක්වීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉහළ බලපෑමක් එල්ල කර තිබෙනවා.

මෙරට කිරිගව පාලනයේ යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවක්.

ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන් කිරිගව පාලනයේ දී ගවයින් සඳහා ලබා දෙන සයිලේජ් Silage නිෂ්පාදනය සඳහා ද තණකොළ අවශ්‍ය වනවා.

එම නිසා ශ්‍රීලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙසටයි සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් ඉල්ලීමක් කළේ.

තණකොළ වගා කිරීම මගින් ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද එමගින් ඉඩ සැළසෙනවා.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් මෙන්ම දැනට රටේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

දැනට මෙරට පුරන් කුඹුරු අක්කර 47,000ක් පමණ ඇති අතර බස්නාහිර පළාතේ කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

එම පුරන් කුඹුරුවල මෙන්ම බෝග වගා කළ නොහැකි ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැළසීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34