spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තංගල්ලේ සංචාරක නිකේතනයක තරුණ යුවළක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

තංගල්ල, මැදකැටිය, මුහුදු මාවතේ පිහිටි සංචාරක නිකේතනයක කාමරයක් තුළ ඊයේ (22) රාත්‍රියේ ගෙළ වැළලාගෙන තරුණ යුවළක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු 17ක තරුණියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති තරුණයා අදාළ සංචාරක නිකේතනය භාරව සිටි තැනැත්තා වන අතර තරුණිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා ඊයේ පස්වරුවේ තරුණියගේ නිවස පිහිටි අම්බලන්තොට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් ඇයව කැඳවාගෙන සංචාරක නිකේතනය වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගෙළ වැළලාගැනීමට පෙර ඔවුන් දෙදෙනා ලිපියක් ද ලියා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?