ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණයට නව වේදිකාවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළිදැක්වීම අතරතුරදී අදහස් දැක්වූ ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki පැවසුවේ සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කිරීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.

ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර රැස්වීම් මාලාවක් ආරම්භ කිරීම මෙම වසරේ G7 සභාපතිත්වය දරණ ජපානය විසිනුයි මුලපිරීම සිදු කරනු ලැබුවේ.

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki පැවසුවේ, “මෙතරම් පුළුල් ණය හිමියන් පිරිසක් එක්රැස් කරමින් මෙම සාකච්ඡා ක්‍රියාවලිය දියත් කිරීමට හැකිවීම ඓතිහාසික ප්‍රතිඵලයක්” බවයි.

සියලුම ණය හිමියන්ට කමිටුව විවෘත බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ප්‍රංශ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් එමානුවෙල් මවුලින් මෙම සාකච්ඡාව හමුවේ සඳහන් කළේ කණ්ඩායම හැකි ඉක්මනින් පළමු සාකච්ඡා වටය පැවැත්වීමට සූදානම් බවයි.

සංසන්දනාත්මක සැලකීමේ මූලධර්ම මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව සියලු ණයහිමි රටවල් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කරමින්.

ඉන්දියාව සහ ප්‍රංශ රජය සමඟ එක්ව මෙම තීරණාත්මක රැස්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින් ජපාන රජයට ස්තුතිය පුද කළා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය විසඳීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය දෙන ජාතීන්ගේ සම්බන්ධීකරණ ප්‍රයත්නවල ආරම්භය මෙම ක්‍රියාවලියෙන් සනිටුහන් කරන බවයි ඔහු සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන අංග ඇතුළත් නව නීති සම්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කාලෝචිත මූල්‍ය සහතික කිරීම් ලබා දුන් පැරිස් සමාජයේ බලධාරීන්ට මෙන්ම පැරිස් සමාජ නොවන රටවලට ස්තූතිවන්ත වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සාර්ථකව නිම කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම වාණිජ ණය හිමියන් ද එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ, “අපේ ආර්ථිකයේ මේ තීරණාත්මක අවස්ථාවේදී, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහ අපගේ ජනතාවගේ සමාජ-ආර්ථික යහපැවැත්ම නඟා සිටුවීමට අපට හැකි ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට අපි ඔබේ කඩිනම් අඛණ්ඩ සහ නොසැලෙන සහයෝගය මත විශ්වාසය තබමු. යනුවෙන්”

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා කියා සිටියේ සාකච්ඡා සඳහා තනි වේදිකාවක් තිබීම සාකච්ඡා කිරීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට පහසු වන සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා පියවරක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව පසුගිය මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුල්‍යාධාරයක් ලබා ගත්තා.

එහෙත් අඩු ආදායම්ලාභී රටවල් පමණක් ඉලක්ක කර ගන්නා G20 හි ණය සඳහා වන පොදු රාමුව යටතේ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවට සහන සඳහා ඉල්ලුම් කිරීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1 ක් ණය වී ඇති අතර, රජයේ නිල දත්ත වලට අනුව, ඩොලර් බිලියන 3 ක් චීනයට ද, ඩොලර් බිලියන 2.4 ක් පැරිස් සමාජයට ද සහ ඩොලර් බිලියන 1.6 ක් ඉන්දියාවට ද ගෙවිය යුතුයි.

විදේශීය පුද්ගලික ණය හිමියන් සමඟ යුරෝ බැඳුම්කරවල ඩොලර් බිලියන 12 කට වඩා වැඩි ණය ප්‍රමාණයක් සහ අනෙකුත් වාණිජ ණය සඳහා ඩොලර් බිලියන 2.7 කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් රජයට නැවත සාකච්ඡා කිරීමට අවශ්‍ය වනවා.

ශ්‍රී ලංකාව මේ මාසයේ සිය දේශීය ණයවලින් කොටසක් ප්‍රතිනිර්මාණය කිරීමට සාකච්ඡා ආරම්භ කළ අතර මැයි මාසය වන විට ගනුදෙනුව අවසන් කිරීමටයි අපේක්ෂා කරන්නේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන අප්‍රේල් 25 වනදා සිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පසුගියදා කියාසිටියේ එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පසුගියදා විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති හමුව අමතමින්.

ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ සාගල රත්නායක මහතා මෙම වැඩසටහන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා තීරණාත්මක වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ද ඊට ඇතුළත් බව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20