ණය දුන්නේ බෙහෙත් ගන්න නම් ඇයි වානේ ගන්න යන්නේ ?

අසල්වැසි ඉන්දියාව ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා පමණක් කෙටි කාලීනව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සූදානමක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා දැනගන්නට ලැබෙනවා.

මෙම ණය මුදලෙන් මේ වනවිට ඩොලර් මිලියන 250ක මුදලක් වියදම් කර අවසන් බවද වාර්තාවනවා.ඉන් පසුව ඉතිරි වූ මිලියන 750න් කොටසක් මෙලෙස වානේ ආනයනය සඳහා යෙදවීමට සූදානම් බව මෙම ආරංචි මාර්ග සඳහන් කරනවා.

රටට ආහාර , ඉන්ධන , ගෑස් ආනයනයට මුදල් නොමැති අවස්ථාවක මෙම පියවර පිළිබදව බොහෝ ආර්ථික විශේෂඥයන් කනස්සල්ල පළකරනවා.

මෙම වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි බවද අනාවරණය වේ.

මේ අතර හදිසි ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට තවත් ඉන්දියානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ද ලැබීමට නියමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36