spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය දුන්නේ බෙහෙත් ගන්න නම් ඇයි වානේ ගන්න යන්නේ ?

අසල්වැසි ඉන්දියාව ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා පමණක් කෙටි කාලීනව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සූදානමක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා දැනගන්නට ලැබෙනවා.

මෙම ණය මුදලෙන් මේ වනවිට ඩොලර් මිලියන 250ක මුදලක් වියදම් කර අවසන් බවද වාර්තාවනවා.ඉන් පසුව ඉතිරි වූ මිලියන 750න් කොටසක් මෙලෙස වානේ ආනයනය සඳහා යෙදවීමට සූදානම් බව මෙම ආරංචි මාර්ග සඳහන් කරනවා.

රටට ආහාර , ඉන්ධන , ගෑස් ආනයනයට මුදල් නොමැති අවස්ථාවක මෙම පියවර පිළිබදව බොහෝ ආර්ථික විශේෂඥයන් කනස්සල්ල පළකරනවා.

මෙම වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි බවද අනාවරණය වේ.

මේ අතර හදිසි ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට තවත් ඉන්දියානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ද ලැබීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?