ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක්

ඕනෑම රටකට ඕනෑම භාණ්ඩයක් රේගු ගාස්තුවකින් තොරව නිවසට සැපයූ ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා. එම වෙනස්කම් ලබන දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.

ඩෝ ටු ඩෝ සේවාව හරහා මෙරටට භාණ්ඩ ගෙන්වීමේ දී අක්‍රමිකතා රැසක් සිදුවන බවට ශ්‍රී ලංකා රේගුව හඳුනා ගෙන තිබෙනවා.

ඉන් බරපතලම කරුණ වන්නේ මෙම සේවාව හරහා මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් හෝ සීමා කරන ලද භාණ්ඩ මෙරටට ගෙන්වීමයි.

එමෙන්ම වාණිජ අරමුණින් ගෙන එන භාණ්ඩ සඳහා නිසි පරිදි බදු අයකර ගැනීමට නොහැකි වීමෙන් රේගු ආදායමට ද බලපෑමක් එල්ල වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.

එමෙන්ම භාණ්ඩ අස්ථානගත වීම, හානි සිදුවීම සහ බහාලුම් විවෘත කිරීම වැනි චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව ද අපකිර්තීයක් ඇති වී ඇතැයි ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ඩෝ ටු ඩෝ සේවාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමටයි ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05