spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක්

ඕනෑම රටකට ඕනෑම භාණ්ඩයක් රේගු ගාස්තුවකින් තොරව නිවසට සැපයූ ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා. එම වෙනස්කම් ලබන දෙසැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.

ඩෝ ටු ඩෝ සේවාව හරහා මෙරටට භාණ්ඩ ගෙන්වීමේ දී අක්‍රමිකතා රැසක් සිදුවන බවට ශ්‍රී ලංකා රේගුව හඳුනා ගෙන තිබෙනවා.

ඉන් බරපතලම කරුණ වන්නේ මෙම සේවාව හරහා මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් හෝ සීමා කරන ලද භාණ්ඩ මෙරටට ගෙන්වීමයි.

එමෙන්ම වාණිජ අරමුණින් ගෙන එන භාණ්ඩ සඳහා නිසි පරිදි බදු අයකර ගැනීමට නොහැකි වීමෙන් රේගු ආදායමට ද බලපෑමක් එල්ල වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.

එමෙන්ම භාණ්ඩ අස්ථානගත වීම, හානි සිදුවීම සහ බහාලුම් විවෘත කිරීම වැනි චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව ද අපකිර්තීයක් ඇති වී ඇතැයි ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ඩෝ ටු ඩෝ සේවාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමටයි ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?