“ඩොල්ෆින් චන්දන” අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි “ඩොල්ෆින් චන්දන” නැමැත්තා
මාවතගම ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ රැසකින් වරෙන්තු 6ක් නිකුත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය, තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය සහ කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු කූඨ ලේඛන සකසමින් වාහන වංචා සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වංචනික ලේඛණ සකසා වාහන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු පූගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයකු බව සඳහන්.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10