ඩොලර් හිගය නිසා බෙහෙතුත් නැතිවෙයිද?

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.