ඩොලර් රුපියල් බවට මාරු කිරීමේ නව නීතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීති මඟින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටිනවා.

ඒ අනුව අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීතිය විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකරනු ලබන ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඉකුත් මස 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නීති පනතේ විධිවිධාන ප්‍රකාරව අදාළ නව නීති සහ රීති නිකුත් කර ඇති අතර එමඟින් දේශීය වෙළෙඳපොළ වෙත වැඩි විදේශ මුදල් ද්‍රවශීලතාවක් සැපයීම මහ බැංකුව අපේක්ෂා කරන අතර ඒ හරහා ආනයනික භාණ්ඩ මිලදී ගැනීම, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර, සෞඛ්‍ය වියදම් ආදී අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා ශ්‍රී ලාංකිකයන්ට සාධාරණ විනිමය අනුපාතිකයකට විදේශ විනිමය ලබාදීම සහතික කිරීමද අපේක්ෂා කෙරේ. ඊට අමතරව බැංකු විසින් වාර්තා කරන අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ විවිධ ප්‍රමාණයන් හරහා ආර්ථිකයේ සෑම අපනයන අංශයකම සැබෑ ‘අගය එකතු කිරීම’ හඳුනාගැනීමටද මෙම රීති මඟින් හැකියාව ලැබෙනු ඇත.

විදේශ විනිමය ඉපැයීම් සම්පූර්ණයෙන්ම මෙරටට ගෙන්වා ගැනීම සහ එය ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම වැඩිකිරීම මඟින් විනිමය අනුපාතිකයේ ස්ථායිතාව සහතික කිරීමට සහ සාර්ව ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ඇති කිරීමට සහාය වන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51