මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් මෙලෙස මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ එම වාර්තාව පිළිබදව එළඹෙන පාර්ලිමේන්තු සතියේ දී දින දෙකක විවාදයක් පැවැත්වීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඉල්ලීම් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1













