ඩොලර්වලින් ගනුදෙනු කිරීමට ලංකාවේ අවස්ථාවක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ඇමැති මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඩොලර්වලින් සිදුකරන ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර පවතී. ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ඇද ගැනීමේ අරමුණින් මෙම අවසරය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙතෙක් කලක් විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ ඇති විදේශිකයන්ගෙන් පමණක් ලබාගන්නා සේවා වෙනුවෙන් ​හෝටල්වලට ඩොලර්වලින් ගෙවීම් සිදුකළ හැකිය. දැන් මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනිමය (ඩොලර්) හෝටල්වල බිල්පත් සහ වෙනත් ගෙවීම් වෙනුවෙන් භාවිත කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 10,000 සිට 15,000 දක්වා ඉහළ නංවා ඇත. එසේම මහ බැංකුව විසින් වාණිජ බැංකු හරහා හඳුන්වා දෙන ලද විශේෂ බැංකු ගිණුම්වල තැන්පත් කරන ඇමරිකානු ඩොලර් වෙනුවෙන් අතිරේක 2% ක පොලී ප්‍රතිශතයක්ද ලබාදෙනු ලබයි.

නයන තරංග ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43