ඩොලරයේ අගය පහළ දැමීමට වැඩිම කැපවීම කළේ ගොවි ජනතාව හා රට විරුවන් – කෘෂි ඇමති

රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය පසුගිය කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගිය නමුත් මේ වනවිට ඩොලරයේ අගය යම් මට්ටමකට පහළ වැටී තිබෙනවා.

ඒ අනුව ඉහළ ගිය ඩොලරයේ අගය පහළට ගෙන ඒම සඳහා වැඩිම කැපවීම කළේ මේ ගොවි ජනතාව හා රටවිරුවන් බව
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හුංගම, බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ දී පැවැති Agri Tech -24 – කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද (03) විවෘත කෙරුණා.

එම අවස්ථාවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

නව කෘෂි තාක්ෂණය ගොවිජනතාව සඳහා හඳුන්වා දීම මෙම ප්‍රදර්ශණය පැවැත්වීමේ මූලික අරමුණ වනවා.

වී වගාව ඇතුළු අතිරේක බෝග වගාව, එළවළු හා පළතුරු වගා කිරීම , පශු සම්පත් සංවර්ධනය, අපනයනය ඉලක්ක කරගත් වගාවන් මෙන්ම නව තාක්ෂණය වගා කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳව මෙහි දී ප්‍රදර්ශණයට ඇතුළත් කර තිබෙනවා.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයේ ද නියෝජනය වන පරිදි කුටි 150කින් සමන්විත වන මෙම ප්‍රදර්ශනය අද (03) දින සිට ලබන 05 දිනය දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙනවා.

අද දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාතයවරයා කියා සිටියේ 2022 වර්ෂයේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ අතර, ඒ සඳහා ඩොලර් මිලියන 300ක් වැය කිරීමට රජයට සිදු වූ බවයි.

නමුත් 2023 වර්ෂයේ දී සහල් ඇටයක් හෝ ආනයනය නොකළ අතර, 2023 හා 2024 වර්ෂ දෙක තුළ මෙරට ගොවිජනතාව ඩොලර් මිලියන 600කට අධික මුදලක් රටට ඉතිරි කර දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම 2023 වර්ෂයේ දී මෙන්ම 2024 වර්ෂයේ ද මේ රටේ ජනතාව පාරිභෝජනය කරනු ලබන්නේ දේශීය සහල් මිස ආනයනික සහල් නොවන බවත්, එම ගරුත්වය හා ආඩම්බරය මෙම රටේ ගොවිජනතාවට හිමිවිය යුතු බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ඇතැම් ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා දේශපාලනික කණ්ඩායම්වල නියෝජිතයින් මෙම ගොවිජනතාව මෙන්ම කෘෂිකර්මාන්තය අඩාල කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, නමුත් ගොවිජනතාව එම උගුල්වලට හසු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවේ කලාපයෙන් වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමුවරට හෙක්ටයාර් එකකින් වී කිලෝග්‍රෑම් 12,000ක් බැගින් අස්වනු ලබාගැනිමට ගොවින්ට හැකි වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“කීරි සම්බා වගාව රට තුළ ව්‍යාප්ත කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඊට හේතුව තමයි මේ වනවිට කීරි සම්බා මිල තීරණය කරන්නේ රජය හෝ සහල් ව්‍යාපාරිකයින් නොවේ. කීරි සම්බා වී වගාව නිසා පළමුවරට වී මිල තීරණය කිරීමේ බලය ගොවිජනතාව අතට පත්ව තිබෙනවා. රජය කීරි සම්බා වී මිල කිලෝ එකක් රුපීයල් 130ක් ලෙස ප්‍රකාශයට පත් කළා. පුද්ගලික අංශයේ සහල් මෝල් හිමියෝ රුපියල් 140කට මිලට ගන්න සූදානම්. නමුත් ගොවියෝ රුපියල් 150ට වැඩි වන තෙක් වී අලෙවි නොකරන තත්ත්වයට පත්ව තිබෙනවා. කීරි සම්බා සහල් අද කිලෝග්‍රෑම් එකක් රුපියල් 350ට වුවත් මිල දී ගන්න පාරිභෝගිකයෝ සූදානම්. වර්තමානයේ ගොවියා වැඩි ආදායමක් ලබන්න නම් නිපදවිය යුත්තේ වෙළෙදපලේ වැඩි ඉල්ලුමක් ඇති බෝග හඳුනාගනිමින්. දැන් අපේ රටේ ගොවියෝ එම තත්ත්වයට පත්වෙමින් සිටීම සුබ ලකුණක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16