ඩොලරයේ අගය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් සහ ගැනුම් මිල වෙනස් වීම හේතුවෙන්.

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකය අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.60ක් ලෙසට සටහන් වී ඇති අතර එහි ගැණුම් මිල දැක්වෙන්නේ රුපියල් 311.26ක් ලෙසටයි.

මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ඩොලරයක ගැනුම් රුපියල් 308.70ක් වූ අතර එය අද දිනයේදී රුපියල් 310.62ක් ලෙසටයි ඉහළ ගොස් ඇත්තේ.

ඊයේ දිනයේදී ඩොලරයේ විකිණුම් මිල රුපියල් 330.92ක් ලෙස සටහන්වූ අතර එය අද දිනයේදී රුපියල් 332.99ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේදී ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311ක් වූ අතර විකිණුම් මිල රුපියල් 329.54ක් ලෙසටයි සටහන් ව ඇත්තේ.

මේ අතර අද දිනයේදී සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310ක් ලෙස සටහන්ව තිබෙන අතර ඩොලරයේ ගැනුම් මිල රුපියල් 325ක් ලෙස සටහන්ව තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 311.69ක් ලෙස සටහන්වූ අතර ඩොලරයේ විකිණුම් මිල රුපියල් 330ක් ලෙස සටහන්ව තිබුණා.

අද දිනයේ සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රුපියල් 331ක් ලෙස සටහන්ව තිබෙනවා.

හැටන් නැෂනල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ අද ගැනුම් මිල රුපියල් 310ක් සහ විකුණුම් මිල රුපියල් 330ක් ලෙසටයි සටහන්ව ඇත්තේ.

මේ අතර ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පැකේජයේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙනු ඇති බව විශේෂඥයන් අදහස් පළ කරනවා.

දේශීය මුදල් ඒකකය ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී අඩුවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර කියා සිටියේ වත්මන් පාලනය ගෙන යන ආර්ථික හා ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කළ බවයි.

මෙම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා වත්මන් ආර්ථික වැඩපිළිවෙළ තුළ දැඩි විනයක් ඇතිව රැඳී සිටීම අත්‍යවශ්‍ය බව ආචාර්යවරයා අවධාරණය කරනවා.

සාමාන්‍ය ණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන ණය අතර පැහැදිලි වෙනසක් ඇති බවත්, රටක ආර්ථික ක්‍රියා පටිපාටිය නිවැරදි දිශාවට ගමන් කිරීම සඳහා නිතර උපදෙස් ලබා දෙමින් උපදෙස් ලබාදෙන බවත් ආචාර්ය චමින්ද මලලසේකර මහතා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් පසු රට අවුල් සහගත තත්ත්වයකට පත්වීම වැළැක්වීමට සමාජයේ ඇතැම් කොටස්, නිලධාරීන් සහ බලයේ සිටින අය වෙහෙස නොබලා කටයුතු කිරීම ප්‍රශංසනීය බවයි ඔහු සඳහන් කළේ.

CBSL rates 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12