ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් අමෙරිකාවේ බලවතා වෙයි ?

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස සිය ජනාධිපති දිවියේ දෙවැනි වරටත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මේ වනවිටත් එරට මැතිවරණ විද්‍යාලය මගින් ජනපති සටනේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කරමින් ඇති පසුබිමක නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේදි ට්‍රම්ප් හැරිස්ට වඩා සෑහෙන්න ඉදිරියෙන් සිටින බවයි නිරීක්ෂණය වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති සටනේ දී දැනට ආසන 247ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එය ප්‍රතිශතාත්මක ව සියයට 51.72ක වර්ධනයක්.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් දිනා ඇති ආසන ගණන 210ක් වන අතර ඇය අත්පත් කරගෙන ඇති ඡන්ද ජය ප්‍රතිශතාත්මකව 47.4%ක්.

බොහෝදෙනා කතාබහකට ලක් කළ එරට ප්‍රාන්ත 50න් ප්‍රධාන ප්‍රාන්ත වන නිව් යෝර්ක්, ඉලිනොයිස්, කැලිෆෝනියා, මැසචුසෙට්ස්, රොඩේ අයිලන්ඩ්, කනෙක්ටිකට්, නිව් ජර්සි, ඩෙලවෙයර්,මේරිලන්ඩ්, කොලොම්බියා ෆෙඩරල් රාජ්‍යය යන ප්‍රමුඛ පෙළේ ප්‍රාන්තවල ප්‍රබල ජයක් හිමිවුණේ කමලා හැරිස් හටයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කවුරුත් බලා සිටි ජෝර්ජියා, මොන්ටානා, ඉදහො, නෝර්ත් ඩකොටා, සවුත් ඩකොටා, ලුසියානා, ටෙක්සාස්, මිචිගන්, ෆ්ලොරීඩා, මිසිසිපි, කැන්සාර්, බටහිර වර්ජිනියා ආදි ප්‍රාන්ත ගණනාවක ජයග්‍රහණය තමන් සතු කරගත්තා.

එමෙන්ම මෙවර නැවතත් තමන් ලෝක බලවතා බවට පෙන්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය ව ඇත්තේ ආසන 23ක ජයග්‍රහණයක් පමණක් වන අතර හැරිස්ට තවත් ආසන 60ක ජයක් අවශ්‍ය වනවා.

මේ අතර ප්‍රධාන ධාරාවේ ජනපති අපේක්ෂකයින්ට අමතර ව මෙවර තවත් අපේක්ෂකයින් දෙදෙනකු සටනට ඉදිරිපත් ව ඇති අතර ග්‍රීන් පාටි තුළින් ජිල් ස්ටයින් සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රොබට් කෙනඩි තරග වදිනවා.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 536,389ක් සහ 525,774ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32