ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේන් ප්‍රාන්තයෙනුත් වාරණයක්

එලෙඹන වසරේ දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට තවත් ප්‍රාන්තයක් කටයුතු කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තය මෙලෙස ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එම තීරණය ගනු ලැබූ දෙවන ප්‍රාන්තයට බවට එය පත් වනවා.

මීට පෙර කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකින්.

මේන් ප්‍රාන්ත ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ මැතිවරණ කාර්යාංශය සඳහන් කරන්නේ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවයි.

මෙම තීරණාත්මක තීරණයත් සමඟ මේන් ප්‍රාන්තයෙන් ද එලෙඹන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඇමරිකානු ජනාධිපතිවරණය 2024 වසරේ නොවැම්බර් 05 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37