spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේන් ප්‍රාන්තයෙනුත් වාරණයක්

එලෙඹන වසරේ දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට තවත් ප්‍රාන්තයක් කටයුතු කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තය මෙලෙස ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එම තීරණය ගනු ලැබූ දෙවන ප්‍රාන්තයට බවට එය පත් වනවා.

මීට පෙර කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකින්.

මේන් ප්‍රාන්ත ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ මැතිවරණ කාර්යාංශය සඳහන් කරන්නේ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවයි.

මෙම තීරණාත්මක තීරණයත් සමඟ මේන් ප්‍රාන්තයෙන් ද එලෙඹන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඇමරිකානු ජනාධිපතිවරණය 2024 වසරේ නොවැම්බර් 05 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?