ඩේසි ෆොරස්ට් ට විදෙස් ගමන් තහනමක් පනවා නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව බොරු (වීඩියෝ)

ඩේසි ෆොරස්ට් නැමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුව ද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නැමැත්තියට පනවා නොමැති බව කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළා.

යෝෂිත රාජපක්ෂගේ හවුල් බැංකු ගිණුමක රුපියල් මිලියන 59ක් හමුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කඩුවෙල අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාළව නීතිඥ ප්‍රේමනාත් දොළවත්ව විසින් මෝසමක් ඉදිරිපත් කරමින් යළි එය විභාගයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව සඳහන් කර සිටියා.

අදාළ නඩුව විභාගයට ගැනීමටත් පෙර ඩේසි ෆොරස්ට් නැමැත්තියට විදෙස් ගමන් තහනමක් පැන වූ බවට මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා නඩු දෙකක් පැවරීමට කටයුතු කරන බවත්, එක් තැනැත්තියකට විදෙස් ගමන් තහනමක් ලබාගත් බවත් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ප්‍රේමනාත් සී දොළවත්ත නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30