ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ

දිගුකාලීන ප්‍රජා සංවර්ධනය, සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ”ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම” (David Pieris Group Social Empowerment Drive) දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහන මඩකලපුවේ දී සාර්ථකව පැවැත්වෙනවා.

මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි පරිශ්‍රයේදී පැවැති විශේෂ උත්සවයකදී, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ඩේවිඩ් පීරිස් විසින් මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක මංගල්‍යය නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.

ඩේවිඩ් පීරිස් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් ඇරඹි මෙම පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහන පසුගිය ජූලි 15 සිට 19 දක්වා දින පහක් පුරා අතිඋත්කර්ෂවත් අන්දමින් ක්‍රියාත්මක වනවා.

මෙම සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන සහ එහි ප්‍රධානතම අංගයක් වූ දින පහේ වෙළෙඳ ප්‍රදර්ශනය පුරාම තිරසාර සහ පරිසර හිතකාමී පිළිවෙත් භාවිත කිරීමට සමූහ ව්‍යාපාරය සුවිශේෂී පියවරක් ගෙන තිබෙනවා.

ඒ අනුව, විදුලිය විසන්ධි වීමකදී ප්‍රදර්ශන කුටි සඳහා අවශ්‍ය වූ සියලුම විදුලි බලය ගඩබා කර තැබුවේ ඩේවිඩ් පීරිස් සෝලා සමාගම විසින් සපයන ලද බැටරි backup system මගිනුයි.

මෙය පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි සමූහය දක්වන කැපවීම මනාව විදහා දැක්වූ අතර, ව්‍යවසායකත්වය, මාර්ග ආරක්ෂාව, වෘත්තීය නිපුණතා සහ ප්‍රජා සහභාගිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් දියත් කෙරුණු අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් සඳහා ද එය මනා ආදර්ශයක් සැපයෙනවා.

වැඩසටහන ආරම්භ වූ ඊයේ (15) දිනයේ දී, කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන් ස්වයං රැකියා අවස්ථා සඳහා දිරිගැන්වීම අරමුණු කරගනිමින් රූපලාවන්‍ය හා පුද්ගලික සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දෙන වැඩසටහනක් DPMC පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබුවා.

එදිනම East Lagoon හෝටලයේදී ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වුණු අතර, එමගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් පිවිසීමට අපේක්ෂා කළ පිරිස්වලට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට වටිනා දැනුම සහ ප්‍රායෝගික මගපෙන්වීම් ලබා දීමට කටයුතු කෙරුණා.

ඉන්පසුව අද (16) දිනයේ දී ක්‍රියාත්මක වූ මාර්ග ආරක්ෂණ වැඩසටහන මගින් සිසු දරුවන් තුළ වගකීම් සහගත මාර්ග හැසිරීම් සහ ආරක්ෂිත ප්‍රවාහන පුරුදු ඇති කිරීමට පියවර ගැනුණා.

එමෙන්ම ලබන 18 වනදා ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ආරක්ෂිත සහ වගකීම් සහගත රිය පැදවීම පිළිබඳ මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙන්ම ප්‍රදේශයේ ගරාජ් හිමියන් සහ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා සහ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් ද පැවැත්වෙනවා.

වැඩසටහනේ අවසන් දිනය වන ලබන 19 වනදා ප්‍රජා සහභාගිත්වය, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම වෙනුවෙන් කල්ලාඩි සිවානන්ද පාසල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් ද, වලච්චේනෙයි VC ක්‍රීඩාංගණයේදී පාපන්දු තරගාවලියක් ද පවත්වනු ලැබුවා.

මීට සමගාමීව DPMC ඩීලර්වරුන්ගේ තාක්ෂණික නිපුණතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ යාන්ත්‍රික පුහුණු වැඩසටහනක් ද එදිනම ක්‍රියාත්මක වනවා.

මෙම සියලුම සුවිශේෂී ප්‍රජා සත්කාරක මුලපිරීම්වලට සමගාමීව, ජූලි 15 සිට 19 දක්වා දින පහක් පුරා DPMC භූමියේදී මහජනතාව සඳහා දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනයක් ද විවෘතව පැවැත්වෙනවා.

එහිදී ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, ඇසට්ලයින් ෆිනෑන්ස්, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි, ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ඩේවිඩ් පීරිස් ලෙෂර් යන සමාගම් රැසක නිෂ්පාදන, සේවා, ටෙස්ට් ඩ්‍රයිව් සහ සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රැසක් අත්විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දීමට නියමිතයි.

මීට අමතරව, පාසල් සංවර්ධන වැඩසටහන්, විශ්වවිද්‍යාල සීමාවාසික පුහුණු, තෝරාගත් පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම්, Bajaj සහ KTM වාහන සඳහා වන වායු විමෝචන සහ වාහන තත්ත්ව පරීක්ෂා වැඩසටහන් මෙන්ම හරිත තිරසාර සංවර්ධන වැඩසටහන් ද මෙම දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හුදෙක් ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, මිනිසුන්, කුසලතා සහ ප්‍රජාවන් වෙනුවෙන් ආයෝජනය කරමින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දැක්මයි.

මඩකලපුවෙන් ඇරඹ මෙම සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වනවා.

DSC 5111 scaled
DSC 5012 scaled



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49