ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සුලභ ව පැතිරයාමේ අවදානමක්

කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලෝකයේ බොහෝ රටවල විවිධ කොවිඩ් ප්‍රභේද මේ වන විට පැතිරෙමින් පවතින අතර මෙරට තුළ ද ඩෙල්ටා ප්‍රභේදය  පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවය. 

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

“මුළු ලොව පුරා ම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙනවා. මම හිතන්නේ නෑ ශ්‍රී ලංකාවට විතරක් එයින් ගැළවෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේ දී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුළ සුලභ වශයෙන් පැතිර යයි කියලා. හැබැයි අපි දැනට ලබාදෙන සයිනොෆාම්,‍ අස්ට්‍රාසෙනිකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලේම වගේම ස්පුට්නික් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයින් පෙන්වා දීලා තියෙන්නේ. එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනත්, ඉන් ආසාදනයක් ඇති වුණත් ඉන් ඇතිවෙන්නේ අවම බලපෑමක්. ඒ නිසා එන්නත්කරණය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා දකුණු අමෙරිකාවේ පේරු රට කේන්ද්‍ර කරගෙන ඇති වු ලැම්ඩා කියන ප්‍රභේදය රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පටන් ගත්ත එප්ස්සයිලන් නමින් හඳුන්වන තවත් අලුත් ප්‍රභේදයකුත් මේ වන විට රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. මේ සියල්ල ගැන අපි අවධානයෙන් පසුවෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39