ඩෙල්ටා එනවා.. ස්වයං ලොක්ඩවුන් වෙන්න..- ඇමති චන්න ජනතාවට කියයි…

රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් රටේ වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් එවැන්නක් දැනුම් දී නැති බවද ඔහු පවසයි.

රජය සියලූ තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත බවත් ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය සැමවිටම බැඳී සිටින බව ඔහු කියා සිටියි.

නමුත් දේශපාලන පක්ෂ වල බළල් අත් වී සිටින විසින් ඇතැමුන්ට කුමන අයුරකින් හෝ ආණ්ඩුව පෙරළීමට අද උවමනා වී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඒ පහත් උත්සාහයට කිසිවිටෙක ඉඩ නොතබන බවද පැවසීය.

සෞඛ්‍ය අංශ වලින් රට වසා දමන්නැයි නිර්දේශ නිල ලෙස ලැබෙන්නේ නම් එය ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන නමුත් එදිනෙදා ආදායම් ලබමින් ජීවත්වෙන පුද්ගලයන් අමතක කිරීමටද රජයට කිසිසේත්ම නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බවත් පැවසූ ඔහු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ස්වයං සංචරන සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශීය මාධ්‍යවේදීන් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09