spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු රෝගීන් ගණන 55,000 පනී

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 11,929ක් .

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,833ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 3,553ක් මේ දක්වා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,841ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,869ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,226ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,210 දෙනෙක් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?