ඩෙංගු මර්ධනයට කියුබානු රජයේ සහාය පතයි

මෙරට තුළ ඩෙංගු වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම සහ තාක්ෂණික සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඩෙංගු රෝගයට ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, මදුරු කීටයින් බෝවීම මර්දනය කිරීම සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදීය සම්බන්ධයෙන් කියුබානු සහාය ලබාගැනීමට නියමිතයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෙරට කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.