රුපියල් එක් කෝටි දොලොස් ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පථ අසළ, අතහැර දමා ගොස් තිබියදී අද (17) දින දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දුම්වැටි තොගය අද (17) දින උදෑසන 08.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් රැගෙන එන්නට ඇති බවට රේගු නිලධාරීන් සැක කරන අතර, ඒවා ගමන් මලු 04 ක අසුරා තිබුණා.
විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 75,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 376 ක් එම ගමන් මලු තුළ තිබු බවත් වාර්තා වනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා මෙම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා.













