ඩුබායි රටේ ටැක්සි රියදුරෙකු ලෙස සේවය කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් රහසිගතව රැගෙන යාමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (27) අලුයම මෙම දුම්වැටි සමග එය රැගෙන ආ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අනුරාධපුර – මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන අතර ඔහු වසර ගණනාවක් ඩුබායි හි ටැක්සි රථ රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා.

සැකකරු අද අලුයම 03.20 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 8545 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ ගමන් මළු තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 14,800ක් අඩංගු දුම්වැටි කාටූන් 74ක් සඟවා තිබියදී සොයා ගැනුණා.

මේ වනවිට මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 30 වැනිදා සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම ප්‍රසිද්ධ බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55