ඩුබායිහි ජෙබෙල් අලි වරායේ නවතා තිබු බහාලුම් නෞකාවක් හදිසියේ ගිනි ගනියි

මැදපෙරදිග විශාලතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන ඩුබායිහි ජෙබෙල් අලි වරායේ නෞකාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

වරායේ නවතා තිබු බහාලුම් නෞකාවක අදාළ පිපිරීම සිදුව ඇති බව ඩුබායි මාධ්‍ය කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට එම ගින්න පාලනය කර තිබෙනවා.

මෙම දින වල පවතින අධික උෂ්ණත්වය මෙම පිපිරීමට හේතු වී ඇති බවයි සැක පළ කරන්නේ.  

එයින් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ

https://youtu.be/ktLN498nxoE