ඩී.ජේ සංගීත වාදනයට විරුද්ද වූ ගැබිණි කාන්තාවකට අසල්වැසියාගෙන් වෙඩි ප්‍රහාරයක්

අසල්වැසි නිවසක පැවති උත්සවක දී ඩීජේ සංගීතය වාදනය කිරීමට විරෝධය පෑ ගැබිණි කාන්තාවකට එම නිවෙස්හිමියා විසින් වෙඩි තැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සඳුදා වයඹදිග දිල්ලියේ සිරස්පූර් හි මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගැබිණි කාන්තාවට වෙඩි තැබූ අසල්වැසි නිවසේ පදිංචිව සිටි හරීෂ් නැමති සැකකරු සහ ඔහුගේ මිතුරා වන අමිත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ රන්ජු නැමති කාන්තාවක් ෂාලිමාර් බාග් හි මැක්ස් රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරු සඳහන් කළේ අයගේ තත්ත්වය බරපතළ බවයි.

එල්ල කළ වෙඩි ප්‍රහාරය එම කාන්තාවගේ ගෙළ ප්‍රදේශයට වැදී ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇති වූ කම්පන තත්ත්වයෙන් ඇයගේ කුසේ සිටි දරුවා ගබ්සා වී ඇති බවයි වාර්තා වන්නේ.

හරීෂ් නමැති සැකකරුගේ පුතා වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර ඩීජේ සංගීතය වාදනය කර ඇති අතර, සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව රංජු ඇය පදිංචිව සිටි නිවසේ බැල්කනියෙන් පිටතට පැමිණ හරීෂ්ගෙන් සංගීතය නවත්වන ලෙස ඉල්ලා සිටි බව පවසා තිබෙනවා.

ඊට කෝප වූ හරීෂ් තම මිතුරා වූ අමිත්ගෙන් තුවක්කුවක් ගෙන රංජු නැමති ගැබිණි කාන්තාවට වෙඩි තැබූ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39