spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් ලීටරයකින් ලාභය රුපියලයි – බලශක්ති ඇමති

මේ මොහොත වන විට ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එමෙන්ම පසුගිය කාලය තුළ පෙට්‍රල් ආනයනය කිරීම තුළ පෙට්‍රල් ලීටරයකින් රුපියල් හැත්තෑවක් පමණ ලාභයක් තිබීම හේතුවෙන් පෙට්‍රල් මිල මෙලෙස අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ අඩුවීමක් පෙන්නුම්කරන බව පැවසූ අමාත්‍යවරයා එම සහනය ඉදිරි දින 14,15 ඇතුළත මහජනතාවට ලබාදීමට බලාපොරොත්තුවන බව ද මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ නමුත් බොරතෙල් මතම මෙරට ඉන්ධන මිල තීරණය කළ නොහැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?