ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක්

තවත් මෙටි්‍රක් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ ඉන්දීය ණය ආධාර යටතේ යි. ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 බැගින් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙනු ඇති.

එම නෞකාද ඉන්දීය ණය ආධාර යටතේයී මෙරටට පැමිණෙන්නේ.මේ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල සඳහන් කළේ, දැනට මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකාවට මුදල් ගෙවීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.මේ අතර, දිවයිනේ ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !