ඩිසල් ඇත්තේ දින 04කට පමණයි : ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමත් ගැටළුවක් – ඇමති ගම්මන්පිල කියයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
රට තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බවයි ඇමතිවරයා සඳහන් කළේ.

ඩීසල් මෙට්ට්‍රික් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (02) සවස පැමිණීමට නියමිත බවයි ඇමතිවරයා සඳහන් කළේ.

මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත්, ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙට්ට්‍රික් ටොන් 5,000ක් බවත් අමාත්‍යවරයා පැවසුවේ.

එම ප්‍රමාණය ඉදිරියේදී මෙට්ට්‍රික් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්දියානු ණය පහසුකම් නිසා මාරතු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා කියා සිටියේ.

ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ද කීවේ.

මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01