ඩිවිලියස්ගේ එක්දින ලෝක වාර්තාව තම නම ඉදිරියේ ලියාගත් යොවුන් ඕස්ට්‍රේලියානුවා

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩක ඒබී ඩිවිලියස් විසින් එක්දින පිටියේ තබා තිබූ වේගවත්ම ශතකයේ වාර්තා බිඳ දමන්නට යොවුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ට අද හැකියාව ලැබුණා.

දකුණු ඕස්ට්‍රේලියානු පිතිකරු ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් විසින් මෙම වාර්තාව බිඳ දමන්නට සමත් වුණේ පන්දු 29ක් තුළ ශතකයක් රැස්කරමින්.

මීට පෙර ඒබී ඩිවිලියස් 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 31කදී ශතකයක් වාර්තා කරමින් ලොව වේගවත්ම එක්දින ශතකයට හිමිකම් කියන්නට සමත් වුණා.

List-A තරගයක් වන මාෂ් එක්දින කුසලාන තරගාවලියේ තරගයක දී තවමත් 21 හැවිරිදි වියේ පසුවන ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් විසින් එම වාර්තා තම නම ඉදිරියේ ලියා ගත්තා.

ටස්මේනියාවට එරෙහිව පැවති තරගයේ දී දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ජේක් ෆ්රේසර්-මැක්ගුර්ක් පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 125ක් රැස් කළා.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 13ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14