spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිල්ෂාන් මධුශංකට හෙට තරගය අහිමි වෙයි

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, දෙවැනි වැනි එක්දින තරගයේ දී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් එළඹෙන අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබෙනවා.

ඩිල්ෂාන් මධුශංක මේ මස ආරම්භවීමට නියමිත අයි.පී.එල් තරග වාරයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
2
+1
5
+1
37
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?